ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි
- 15 04 2020
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය වෙත පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම 2020 අප්‍රියෙල් 30 දින දක්වා දීර්ඝ කර තිබේ.
එහෙත් ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම හදිසි අවශ්‍යතා මත විශේෂ ගුවන් ගමන් වාර ද ක්‍රියාත්මක වනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් හෝ ළගම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගන්නා ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා සිටී .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
